Sunday, January 29, 2017

ඒ අයට ආණ්ඩු කරන්න නෙවෙයි මහපාරේ ඇවිදින්න සලස්සනවා


ඒ අයට ආණ්ඩු කරන්න නෙවෙයි මහපාරේ ඇවිද ඇවිද ඉන්න සලස්සනවා යැ යි ඊයේ (28) මොණරාගල කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ඒකාබද්ධ වික්‍ෂය ඉලක්ක කරමින් නැවතත් ප්‍රකාශකර ඇත.

සැබෑ නොවන සිහින දකිමින් ආණ්ඩුව වෙනස් කිරීමට කවුරුන් කෙසේ උත්සාහ දැරුවත් එම අරමුණු ඉටු කර ගත නොහැකි බවත්, ශක්තිමත්, ජාති හිතෛෂි ගුණවත් හා නැණවත් දේශපාලන ඥානයකින් යුතුව සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත්, එහි ඉදිරි ගමන 2020 දී තීන්දු කරන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි දී දැඩි ලෙස නැවතත් ප්‍රකාශ කර ඇත.

"එගොල්ලන්ට සඳාකාලිකව ආණ්ඩු කරන්න නෙවෙයි මහපාරේ ඇවිද ඇවිද ඉන්න අවශ්‍ය වටපිටාව මේ රටේ අපි හදනවයි කියන එක මම තමුන්නාන්සේලාට පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ."යැ යි ජනාධිපතිවරයා මයික් තට්ටුවට දැඩිව දකුණතින් ගසමින්ම පවසා ඇත.

"ඒ වගේම මේ ආණ්ඩුව තුළත් චංචා දූෂණ කරන අයටත් ඉදිරි කාලයේ දී ඔවුන්ටත් වැඩිය දඩුවම් දීමෙන් මේ ආණ්ඩුව 2020 දක්වා රැගෙන යන බව" ජනපතිවරයා සිය සම්මුති ආණ්ඩුවට සහයෝගය දක්වමින් ආණ්ඩු පෙරළීමට සැරසෙන මංත්‍රීවරුන් අරඹයා සිය සුපුරුදු බිය ගැන්විල්ල පතුරුවමින් පවසා ඇත.

වංචාවට, දූෂණයට, නාස්තියට හා හොරකමට ඔටුනු පැළඳු අයට නැවත මේ රට පාලනය කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා සුපුරුදු ලෙස නැවත නැවතත් ප්‍රකාශ කර ඇති අතර ඔහු විසින් ආරක්‍ෂා කරන්නා වූ ඔහුගේ අගමැතිවරයා ප්‍රමුඛ බැදුම්කර වාංචනික හොරු සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකිරීමටද නැවතත් වගබලාගෙන ඇත.

එම කථාව ඇතුලත් විඩීයෝව මෛත්‍රීපාල සිරිසේන යුටියුබ් පිටුවට ද මේවන විට එක්කර ඇත.

එම වීඩියෝව පහතින් දැක්වේ.

- යූ. ඩී.


No comments:

Post a Comment